බිපාෂාගෙන් අලුත් බිස්නස් එකක්...
බොලිවුඩ් රසික පරපුරේ ප්‍රසාදය දිනාගත් ආකර්ෂණීය රුවක් හිමි තරුවක් තමයි, බිපාෂා බාසු. ඇය නිරතුරුවම පාහේ තමන් රඟපාන චිත්‍රපටවලින් එකිනෙකට වෙනස් ඇඳුම් මෝස්තර රසික රසිකාවියන් වෙත සමීප කරන්නට උත්සාහ ගන්නවා. මේ ඇඳුම් මෝස්තර වඩාත් ම ග්‍රහණය කරගන්නේ රසිකාවියන් බවට සැකයක් නැහැ. ඒ අතරේදීම තවත් වැඩකටත් බිපාෂා ගේ සිත යොමුවෙලා තිබෙනවා. සිනමා ලෝකයට සම්බන්ධ කටයුත්තක් නම් නොවෙයි.
එය ශරීර සෞඛ්‍යය හා සම්බන්ධ වුණු කටයුත්ත
ක්. තමන්ගේ සෞඛ්‍යය රැක ගැනීම පිළිබඳව උනන්දුවක් දක්වන ඉන්දියානුවන් දැන් එන්න එන්නම වැඩිවෙලා. ඒ අය නිතරම ව්‍යායාම්වල යෙදෙන්නට බෙහෙවින් ම කැමැතියි. මේ ව්‍යායාම නිසි අයුරින් කරන්න නම් ඒ වෙනුවෙන් විශේෂ ඇඳුම් පැලඳුම් අවශ්‍ය වෙනවා.
විශේෂයෙන් ම කායවර්ධනය සඳහා ව්‍යායාම් කරන අයට ම වෙන්වූ ඇඳුම් පැලඳුම් නිර්මාණය වී තිබෙනවා. බිපාෂා බාසු ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ මේ ඇඳුම් පැලඳුම් අලෙවි කිරීම පිළිබඳවයි. ඇය එවැනි ඇඳුම් පැළඳුම් අලෙවි කරන ස්ථානයක් පසුගිය සතියේ විවෘත කළා.
‘Bipasha Basu love your self’ යනුවෙන් මේ වෙළෙඳ සල නම් කර තිබෙනවා. බිපාෂාගේ මේ වෙළෙඳ සලට ලෝක ප්‍රකට කාය වර්ධන ඇඳුම් සහ උපකරණ නිෂ්පාදනය කරන සමාගමක දායකත්වයක් ලැබිලා.
බිපාෂා, තමන්ගේ අලුත්ම ව්‍යාපාරය ගැන තොරතුරු රසික ජනතාවට දන්වා තිබුණේ අන්තර් ජාලයේ ට්චිටර් වෙබ් අඩවිය ඔස්සේයි. ‘ලෝක ප්‍රකට රීබෝක් සමාගමත් එක්ක එකතු වෙලා මම කාය වර්ධන සහ ව්‍යායාම් වලට භාවිතා කරන ඇඳුම් පැලඳුම් අලෙවි කරන ස්ථානයක් ළඟදී පටන් ගත්තා.
මම ඒකට දාපු නම තමයි, ‘බිපාෂා බාසු ලව් යුවර් සෙල්ෆ්’ ඔයාලත් එන්න’ බිපාෂා තම ට්විටර් පිටුවෙන් ට්වීට් කර තිබුණේ ඒ අයුරෙන්.
බිපාෂා මීට කලින් ද කායවර්ධන කටයුතු වෙනුවෙන් ඩී.වී.ඩී. තැටියක් වෙළෙඳ පොළට නිකුත් කර තිබුණා. එහි ඇතුළත් වුණේ ව්‍යායාම් සිදු කළ යුතු නිවැරැදි ආකාරය දක්වන වැඩසටහනක් එම කාර්යයට බිපාෂාට සහයවී තිබුණේ කාය වර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඩීනූ පාන්ඩේ යි.
“මේ කාලෙ ඉන්දියාවෙ හුඟ දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන්ගේ ශරීර සෞඛ්‍යය රැක ගන්නයි. ඒ නිසා හුඟ දෙනෙක් ව්‍යායාම් කරන්න පෙලඹිලා. ඒ නිසා තමයි මම ඒවාට සම්බන්ධ ව්‍යාපාරයකට හිත යොමු කළේ.” බිපාෂා, ඉන්දීය විද්යුත් මාධ්‍යයකට කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණා.
සුජීව තේවහෙට්ටිගේ
Sorce : Rasaduna 18-07-2010